දේශීය

කොරෝනා එන්නත් ලක්ෂ 5 ක් දිවයිනට

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් රැගත් ඉන්දීය ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (25) පස්වරු 1.30ට පමණ පැමිණ තිබේ.

ඒ ඉන්දියාවේ චෙන්නායි නුවර සිටයි.

එන්නත් තොගය ගුවන් යානය තුළ ද ශීතකරණ පහසුකම් යටතේ ගබඩා කර රැගෙන විත් තිබූ අතර කටුනායක ගුවන් තොටුපළේ දී එන්නත් තොගය ගොඩ බෑ සැනින් ආනයන ගුවන් භාණ්ඩ ගබඩා සංකීර්ණයේ ශීතකරණ තුළ තැන්පත් කිරීම සිදු විය.

ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එන්නත් තොගය මධ්‍යම ගබඩාව වෙත ප්‍රවාහනය කිරීම අද පස්වරුවේ සිදු කෙරෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *