අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන කම්කරු යන වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබු නඩුවෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය අද (25) නියෝග කර තිබේ.
ඒ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී ය.
විත්තිකරුට ගොනු කර ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයේ ඔබ්බට ඔප්පු කොට නොමැති බවට නිගමනය කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු චෝදනා තුනෙන්ම නිදොස් කොට නිදහස් කිරිමට නියෝග කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
