දේශීය

කසළ තේ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

යක්කලමුල්ල ප්‍රදේශයේදී කසළ තේ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී අදාළ කසළ තේ තොගය සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එහිදී කසළ තේ කිලෝග්‍රෑම් 2,606 ක් සොයාගෙන ඇති අතර එම කසළ තේ තොගය ප්‍රවාහනය කළ ලොරි රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *