චීනයත් දරිද්‍රතාව තුරන් කළ රටවල් අතරට
චීනය දරිද්‍රතාව තුරන් කළ රටක් ලෙස චීන ජනාධිපතිවරයා විසින් අද (25) ප්‍රකාශයට පත් කරනු ලැබිණ.
බීජිං නුවර පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත.
පසුගිය වසර 8 තුළ චීනය දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය වැසියන් මිලියන 98.99 ක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
1970 දශකයේ අගභාගයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් මිලියන 770 ක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට චීනයට හැකි වී තිබේ.
ගෝලීය දරිද්‍රතා දර්ශකය පහත හෙළීම සඳහා චීනය 70% ක දායකත්වයක් දී ඇති බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
