දේශීය

පන්නල රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

පන්නල කංකානියම්මුල්ල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ රාත්‍රියේ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරු සහ එහි ගමන් ගත් 17 හැවිරිදි දැරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී 47 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරු සහ 17 හැවිරිදි දැරියක් මියගොස් ඇති අතර ඔවුන් නාරංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පෙලීසිය වැඩි දුරටත් සඳහන් කළේ.

අනතුරට ලක් වූ මෝටර් රථයේ රියැදුරු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *