දේශීය

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති නීතිඥ සාලිය පීරිස්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26වන සභාපතිවරයා ලෙස ජනාධිපති නිතීඥ සාලිය පීරිස් මහතා තේරී පත් විය.

ඊයේ (24) පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 85 ක් තුළ ඊට ආළව ඡන්ද විමසීම පැවැති අතර ඒ සඳහා ජනාධිපති නීතිඥවරුන්වන සාලිය පීරිස් සහ කුවේර ද සොයිසා යන මහත්වරුන් නිලවරණයට ඉදිරිපත් විය.

එහිදී ඡන්ද 5,162 ක් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ලබාගත් අතර ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතාට ලබා ගත හැකි වූයේ ඡන්ද 2,807 ක් පමණයි.

එහිදී ඡන්ද 2,355කින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට ජනාධිපති නිතීඥ සාලිය පීරිස් මහතා තේරී පත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *