දේශීය

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාල හෙට විවෘතයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය ගාල්ල, කුරුණෑගල, වව්නියාව හා මඩකලපුවේ පිහිටි පළාත් කාර්යාල හෙට උදෑසන 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බව පුද්ගලියින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ කටයුතු සඳහා පමණක් විශේෂ සේවාවක් ලෙස අදාළ කාලය තුළ එම කාර්යාල විවෘත කර තබන බවයි.

මෙම විශේෂ සේවය ලබා ගැනීම සඳහා සිසුන් විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *