දේශීය

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජ මහ විහාරස්ථානයේදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල් කරගනිමින් නාගදීප රජ මහ විහාරස්ථානයේ පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී උපදෙස් දී තිබේ.

ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65 ක් හා දහම් පාසල් 35 ක් සම්බන්ධ කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත් වේ.

ඊට අදාළ කටයුතු සංවිධානය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහාතාට දැනුම් දී තිබේ.

සම්ප්‍රදායක වෙසක් උත්සවයකින් වෙනස් වී අනෙකුත් ආගම් සමඟ එක්ව රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කිරීමට තීරණයවීම මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ විශේෂත්වයයි.

මේ අතර කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන වාර්ෂික නවම් මහා පෙරහැර අද (26) පස්වරු 7.00ට විථී සංචාරය කිරීමට නියමිතය.

රට තුළ පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් මෙවර පෙරහැර නැරඹීම ජනතාවට සීමාකර පෙරහැර අංග ද සීමාකර ඇති බව විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් සඳහන් ක‍ළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *