පැරණි ලංගම බස් රථ ගාලු මුහුදේ ගිල්වයි
ගාල්ල ආශ්රිත මුහුදු සීමාව තුළ කෘත්‍රිම වාසස්ථාන ස්ථානගත කරමින් මත්ස්‍ය ගහනය වැඩිකිරීම වෙනුවෙන් සංවිධාන කළ වැඩසටහනක් අද (27) ක්‍රියාත්මක කෙරුණි.
ව්‍යාපෘතිය අද පෙරවරුවේ ගාල්ල ධීවර වරායේදී ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන ඇරඹිනි.
මෙරට ධීවර ප්‍රජාවගේ මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීම සහ මා දැල්වලට මත්ස්‍ය පැටවුන් හසුවීම වැළැක්වීම එහි අරමුණ වේ.
ඒ අනුව භාවිතයෙන් ඉවත් කරන ලද ලංගම බස්රථ 4ක බඳ ගාලු ධීවර වරායේ සිට නාවික සැතපුම් 4 ක් දුරින් වූ ගැඹුරු මුහුදේ ගිල්වීම අද සිදු කෙරුණි.
කුඩා මත්ස්‍ය පැටවුන් මෙම බස්රථ බඳ තුළ ගොඩනැගෙන නව මත්ස්‍ය ජනාවාස තුළින් පිටතට නොයාම නිසා පැටවුන් ප්‍රමාණයෙන් විශාල වන තුරු මා දැල්වලට හසුවීම මින් වැළකෙනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
