දේශීය

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (26) රාගම ප්‍රදේශයේ සිදුකරනු ලැබු මෙහෙයුමක දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක් හා රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් සමග පුද්ගලයෙකු පළමුවෙන් ම අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දෙහිවල ප්‍රදේශයේ දී කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි.

ඇයගේ භාරයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑමයක් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *