දේශීය

නාරංගල කන්දේදී අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගනී

බදුල්ල නාරංගල කන්දේ සංචාරයකට පැමිණ එහි රාත්‍රිය ගතකරමින් සිටියදී අතුරුදන් වූ තරුණයාගේ සිරුර නාරංගල කන්දේ සිට කිලෝමීටරයක් පමණ පහළ ප්‍රපාතයේ තිබියදී සොයා ගෙන තිබේ.

යුද හමුදා සාමාජිකයින් ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් තරුණයාගේ සිරුර අද (27) දහවල් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල මානියම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

ඔහු තවත් මිතුරන් 07 දෙනෙකු සමග රාත්‍රිය ගත කිරිම සඳහා ඊයේ (26) නාරංගල කන්දට පැමිණ තිබේ.

ඔහුගේ මිතුරන් පොලීසියට පැමිණිලි කර ඇත්තේ මියගිය තරුණයා වැසිකිලි යන බව පවසා කූඩාරමෙන් පිටතට ගිය බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *