දේශීය

පිරිසකගේ පහර කෑමකට ලක් වූ විදුහල්පතිවරයෙකු රෝහල්ගත කෙරේ

හැටන්, බගවන්තලාව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට පිරිසක් විසින් ඊයේ (27) රාත්‍රි 8.30ට පමණ පහරදීමක් සිදුකර ඇත.

තුවාල ලැබු විදුහල්පතිවරයා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත මාරුකර යවා තිබේ.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින ළමුන්හට සුභ පැතීමට යන අවස්ථාවේ මෙම පහර දීම සිදුව ඇති බව වාර්තා වේ.

විදුහල්පතිවරයා විසින් බගවන්තලාව පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර ඔහු එහි සඳහන් කර ඇත්තේ තම පාසලේ 10 වසරේ සිසුවෙකු විනය කඩ කිරිමක් හේතුවෙන් පාසල තුළ දී දඬුවම් කිරීමට එරෙහිව සිසුන් පිරිසක් හා ඔවුන්ගේ දෙමාපියන් විසින් තමාට පහරදුන් බවයි.

විනය කඩ කළ බවට කියවෙන සිසුවාගේ මව ද විදුහල්පති තමාට පහර දුන් බවට සඳහන් කරමින් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මේ පිළිබඳ බගවන්තලාව පොලීසිය සදහන් කර ඇත්තේ විදුහල්පති තුමාගේ හා විනය කඩ කළ සිසුවාගේ මව යන දෙදෙනාගේම පැමිණිලි සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *