ක්‍රීඩා

20යි 20 කණ්ඩායමේ නායකත්වය වෙනස් වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා ඇන්ජලෝ මැතිව්ස් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ පිළිබඳව නිවේදනය කර තිබේ.

කොදෙව් සංචාරයේ 20යි 20 ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා දසුන් ශානක මීට පෙර නම්කර තිබුණද ඔහුගේ ගුවන්ගමන් බලපත්‍රයේ දෝෂයක් හේතුවෙන් එම සංචාරය සඳහා ඔහුට සහභාගී වීමට නොහැකි විය.

ඉදිරි දින කිහිපය තුළ දසුන් ශානක කොදෙව් දූපත බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළ අතර දෙරට අතර  20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන මස 04 වන දින පැවැත්වීමට නියමිතවේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *