දේශීය

අමනුෂ්‍ය දෝෂයක් කියමින් වේවැලකින් පහරදී දැරියක් මරුට

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීම සඳහා වේවැලකින් පහර දීම හේතුවෙන් දැරියක් මරණයට පත් වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ නව හැවිරිදි වියේ පසු වූ දැරියක්  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

සිද්ධියට අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර මීගහවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *