වාරියපොළ රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට – තිදෙනෙක් රෝහල් ගත කෙරේ
වාරියපොළ, කටුපොත මාර්ගයේ 10 කණුව ප්රදේශයේ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් ජීප් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටී මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්රිරෝද රථයේ ගමන් ගත් 40 හැවිරිදි පියා හා ඔහුගේ මව වන 69 හැවිරිදි කාන්තාවකි.
අනුරාධපුරයේ වන්දනාගමනක් යෑම සඳහා වේයන්ගොඩ සිට පැමිණෙමින් සිටිය දී පියා, මව, මිත්තණිය හා දරුවන් දෙදෙනා මෙලෙස අනතුරට ලක්ව ඇත.
මියගිය පුද්ගලයාගේ බිරිඳ හා දියණියන් දෙදෙනා බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
