කිලිනොච්චියේදී ඥාති සොහොයුරෙකුගේ පහරදීමකින් හත් හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට
කිලිනොච්චිය ප්‍රදේශයේදී ඥාති සොහොයුරෙකු සිදුකළ පහරදීමකින් හත් හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ අබ්දුල් රහුමාන් නැමැති හත් හැවිරිදි දරුවෙකු යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (28) එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
දරුවා සිය ලොකු තාත්තාගේ නිවස ආසන්නයේ පිහිටි ඉදිකරමින් පවතින නිවසක වැටී සිටියදී සොයාගෙන රෝහල්ගත කර තිබේ.
ජිවිතක්ෂයට පත්වු දරුවාගේ මව නම හැවිරිදි, හත් හැවිරිදි හා සිව් හැවිරිදි දරුවන් තිදෙනෙකු දරුවන්ගේ ලොකු තාත්තාගේ නිවසේ තබා මඩකලපුව වෙත ගොස් ඇති අවස්ථාවක අදාළ සිදුවීම සිදුව ඇති බව පොලිස් පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇත.
අදාළ දරුවන්ගෙන් හත් හැවිරිදි දරුවා සිය ඥාති සහෝදරයෙකු සමඟ නිවසින් පිටතට ගොස් ඇති අතර අනතුරුව සිදුවීම සිදුව ඇති බව ප්‍රදේශවාසින් පවසයි.
පසුගිය 22 වැනිදා දරුවා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කර තිබු බවත් දරුවා රෝහල්ගත කළ දිනයේ සිට දරුවාගේ ලොකු තාත්තාගේ පුතෙකු වන 17 හැවිරිදි තරුණයෙකු අතුරුදහන්ව ඇති බවත් පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.
කිලිනොච්චිය ආරක්ෂක අංශ සඳහන් කළේ දරුවාගේ මරණය සම්බන්ධයෙන් යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති අතර එහිදි අනාවරණය වී ඇත්තේ මොට ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් සිදුවු අභ්‍යන්තර රුධිර වාහන තත්වයක් මත මරණය සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.