දේශීය

දිනක් තුළ රිය අනතුරුවලින් මරණ 12ක්

මාරක රිය අනතුරු හේතුවෙන් ඊයේ (28) දිනයේ දී පමණක් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඉන් 8 දෙනෙකු ඊයේ දින සිදුවු රිය අනතුරුවලින් මියගොස් ඇති අතර අනෙක් සිව්දෙනා මීට පෙර සිදුවු රිය අනතුරුවලින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අය බවයි.

මියගිය පුද්ගලයින් අතර පදිකයින් සිව්දෙනෙකු, ත්‍රීරෝද රථවල ගමන්ගත් පුද්ගලයින් සිව්දෙනෙකු, පාපැදිකරුවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද වන බව සඳහන් වේ.

රථ වාහන රියදුරන්ගේ සහ පදිකයින්ගේ නොසැලිකිලිමත් භාවය හේතුවෙන් රථ වාහන අනතුරු ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වාදෙයි.

මේ හේතුවෙන් ඉදිරියේ දී දැවැන්ත රථ වාහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *