දේශීය

නීති සිසුවාට පහරදීමේ විමර්ශන පෑලියගොඩ පොලිසියෙන් මාරු කරන්නැයි නියෝග

නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට පහරදීම හා ඔහු විසින් පෑලියගොඩ පොලීසියේ රාජකාරියට බාධා කළේ යැයි කියන සිද්ධීන්වලට අදාළ පරීක්ෂණ පෑලියගොඩ පොලිසියෙන් ඉවත්කර වෙනත් විශේෂ විමර්ශන අංශයක් වෙත යොමුකිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය  පොලිස්පතිවරයාට නියෝග කළේය.

අදාළ පැමිණිල්ල අද (01) කැඳවනු ලැබූ අවස්ථාවේදී දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත්කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා විසින් එම නියෝගය කරනු ලැබීය.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පහරකෑමට ලක්වූ බව කියන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙන්ම පොලීසිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා කරුණු දක්වමින් එම සිද්ධියට අදාළ විමර්ශන අපක්ෂපාති හා ස්වාධීන ආකාරයෙන් සිදුකිරීම සඳහා එය පෑලියගොඩ පොලිස් ස්ථානයෙන් ඉවත්කොට වෙනත් විශේෂ විමර්ශන ඒකකයක් වෙත යොමුකරන ලෙස ඉල්ලීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම විමර්ශනයට අදාළව පැමිණිල්ල යළි ලබන 15 වනදා කැඳවීමට නියෝග කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *