විදේශීය

මියන්මාරයේ විරෝධතා උග්‍රවෙයි – 18 ක් මරුට

මියන්මාර හමුදා පාලනයට එරෙහිව සාමකාමී විරෝධතාවල නිරත වූ 18 දෙනෙකු පොලිස් වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් ක‌ළේ තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

හමුදා පාලනයට එරෙහිව පසුගිය සෙනසුරාදා සිට යැංගොන්, මැන්ඩලේ සහ දවායි නගරවල විරෝධතා පැවැති අතර ඊට එරට පොලීසිය දැඩි ප්‍රහාර එල්ල කර තිබේ.

පොලීසිය පිරිස් විසුරුවා හැරීම සඳහා වෙඩි ප්‍රහාරවලට අමතරව කඳුලු ගෑස් සහ රබර් උණ්ඩ ද යොදාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මෙම ප්‍රහාර හෙළා දැක තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *