දේශීය

වේවැල්වලින් පහරදීමෙන් මියගිය දැරියගේ මව සහ කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

අමනුෂ්‍ය බලවේගයක් පළවා හැරීමට යැයි පවසමින් සිදුකළ ශාන්තිකර්මයක් අතරතුර මීගහවත්ත ප්‍රදේශයේ නව හැවැරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් එම දැරියගේ මව සහ ශාන්තිකර්මය සිදුකළ කාන්තාව මාර්තු මස 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ ඔවුන් අද (01) මහර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අමනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට යැයි පවසමින් ශාන්තිකර්මයක් සිදුකළ කාන්තාවක් එල්ල කළ වේවැල් පහර හේතුවෙන් දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 9 හැවිරිදි දැරියක් මීට දින දෙකකට ඉහතදී මරණයට පත්වී තිබුණි.

අදාළ දැරියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනයේදී රාගම රෝහලේ දී පැවැත්වීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 6 ක් පමණ පොලීසිය විසින් ලබාගෙන ඇති බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ද වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *