ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට මාලිංග සූදානම් – මිකී ආතර්
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග ඉදිරියේ දී ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරු මිකී ආතර් සඳහන් කර ඇත.
ලසිත් මාලිංග සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත්, අනාගත T20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා උපදේශකයෙකු ලෙස කටයුතු කළ හැකි බවත් මිකී ආතර් කියා සිටියේය.
ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් මාලිංග විශ්‍රාම යන බව ප්‍රකාශ කර තිබුනද ශ්‍රී ලංකා T20 ක්‍රිකට් කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව ඔහු කිසිදු ප්‍රකාශයක් කර නොතිබිණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
