දේශීය

මිරිස්ස ප්‍රදේශයේදී හයිබ්‍රිඩ් සුරංග මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

මිරිස්ස ප්‍රදේශයේ ඊයේ (01) සිදුකළ විශේෂ වැටලීමකදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හයිබ්‍රිඩ් සුරංග නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් ග්‍රෑම් 20 ක්, හෙරොයින් ග්‍රෑම් 5 ක් සහ මුදලින් රුපියල් 60,000 ක් සොයාගෙන තිබේ.

මීට අමතරව ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදාගත් බවට සැක කෙරෙන මෝටර් රථයක් ද සොයා ගෙන ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *