දේශීය

විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා සුදුස්සන් තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය

තරග විභාගයක් වෙනුවට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා සුදුස්සන් තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

රජය පවසන්නේ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ තරඟ විභාගයක් සහ සම්මුණ පරීක්ෂණ පවත්වා විධිමත් ලෙස පත්වීම් ලබාදීමට වසරකට ආසන්න කාලයක් ගත වන බවට නිරීක්ෂණය වී ඇති බවයි.

විදුහල්පති සේවයේ පළවන දෙවන හා තෙවන ශ්‍රේණි සඳහා පුරප්පාඩු 4,600ක් පමණ ඇති බව සඳහන් වී තිබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අනුව, මේ වන විට පවතින තත්ත්වයට පමණක් සීමා වන ලෙස ව්‍යුහගත පරීක්ෂණයක් තුළින් සුදුස්සන් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *