දේශීය

වේල්ලවීදියෙන් හමු වූ මළ සිරුර කොළඹට රැගෙන ආ ආකාරය ගැන තොරතුරු හෙළිවේ

හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුර ට්‍රැවලින් බෑගයක දමාගෙන පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයට රැගෙන ආ ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

අදාළ පුද්ගලයා විසින් 143 ගමන් මාර්ගය ඔස්සේ හංවැල්ල සිට පිටකොටුව දක්වා ධාවනය වූ බස් රථයකින් එම බෑගය රැගෙන ආ බව හෙළි වී තිබේ.

මළ සිරුර සහිත ගමන් බෑගය රැගෙන ආ බව කියන බස් රථය පොලිස් භාරයට ගෙන එහි රියැදුරු සහ බස් රථ සහයකගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

බස් රථය ගමන් ආරම්භ කළ හංවැල්ල ප්‍රදේශයේදී යම් පුද්ගලයෙකු ගමන් බෑගයක් රැගෙන බස් රථයට ගොඩ වූ බව ඔවුන් දෙදෙනා පිළිගෙන තිබේ.

මහ මග දමාගොස් තිබියදී පිටකොටුව වේල්ල වීදිය ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී ඊයේ (01) සොයා ගැනුණු මළ සිරුර අවුරුදු 20 ක් පමණ වු තරුණියකගේ බවට පසුව තහවුරු වී තිබේ.

මෘත ශරීරය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

පුද්ගලයෙකු අදාළ මළ සිරුර ගමන් මල්ලක දමාගෙන රැගෙන විත් එම ස්ථානයේ දමා යන අයුරු අසල පිහිටි සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණි.

එම වීඩියෝවේ සටහන්ව ඇති පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වේ නම් වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති 071 8591557 හෝ කොළඹ හදිසි ඇමතුම් ඒකකය වන 0112 433333 යන දුරකථන අංකයන්ට දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *