ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට දුන් කාලය දීර්ඝ කරයි – ආරක්ෂක අමාත්‍යාංශය
ගිනිඅවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම වර්ෂයට අදාළව ආරක්ෂක අමාත්‍යාංශය මඟින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් සිදුකරනු ලබන සියලුම ගිනිඅවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය 28 වන දිනෙන් අවසන් විය.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම කාලය තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව එළඹෙන මැයි මස 31 වනදා දක්වා එම කාලය දීර්ඝ කෙරෙන බව අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේය.
එම කාලය තුළ කිසිදු දඩ මුදලක් අය කිරීමකින් තොරව ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම සිදු කෙරෙන බව සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
