සරසවි සිසුන්ටත් කොරෝනා එන්නත්
විශ්වවිද්‍යාල සිසුන්ට ලබන මාසයේ සිට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ (02) පැවති සාකච්ඡාවේදී ඒ පිළිබඳ තීරණයට එළඹුණු බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ.
ඊට සමගාමීව දැනට වසා දමා ඇති සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීමට ද සැලසුම් කර තිබේ.
මහාචාර්යවරයා වැඩි දුරටත් සඳහන් කළේ 135,000 ක් පමණ වන විශ්වවිද්‍යාල සිසුන්ට අදියර කිහිපයක් යටතේ එන්නත් ලබාදෙන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
