පළමු ජය කොදෙව් පිලට
ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් පළමු 20යි 20 තරගයේ දී පළමු ජය තමන් සතු කර ගැනීමට කොදෙව් පිල සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට අවස්ථාව ලබා ගන්නා ලදී.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ගොස් ලකුණු 131ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව තමන් සතු කර ගැනීමට පැතුම් නිශ්ශංක හැකි විය. ඒ පළමු විස්සයි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරමින් ඔහු ලකුණු 39 ක් ලබා ගත්තේය.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 33 ක් ලබා ගත්තේය.
ලකුණු 132ක ජයග්‍රාහී ඉලක්කයක් සමග පිටියට පැමිණී කොදෙව් කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 13යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 134ක් ලබා තරගයේ ජය තමන් සතු කර ගන්නා ලදි.
පන්දු යැවීමේදී අකිල ධනංජය විශිෂ්ඨ ලෙස කොදෙව් කණ්ඩායමට එරෙහිව පිට පිට කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය.
ඒ, ඔහුගේ දෙවන පන්දුවාරයේ දෙවන, තුන්වන සහ සිව්වන පන්දුවලදීය.
ඒ අනුව, එවින් ලුවිස්, ක්‍රිස් ගේල් සහ නිකලස් පූරන් අකිලගේ පන්දු යැවීම හමුවේ දැවී ගියේය.
තරග 2කින් සමන්විත පන්දුවාර 20යි 20තරගාවලිය තරග 1-0ක් ලෙස මේ වනවිට කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් සිටින අතර දෙරට අතර මීළඟ තරගය එළඹෙන 6 වන දා පැවැත් වීමට නියමිත වේ.