වැඩි මිලට සහල් විකුණු 1000කට නඩු – පාරිභෝගික කටයුතු අධිකාරිය
සති දෙකක් තුළ සිදු කළ වැටලීම්වලින් වැඩි මිලට සහල් විකිණු වෙළෙඳුන් 1000කට අධික සංඛ්‍යාවකට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
දෛනිකව දීපව්‍යාප්තව වැටලීම් සියයක් පමණ සිදු කරන බවයි පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන ඒකකය සඳහන් කළේ.
සහල් පාලන මිල අනුව කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 93 කටත් නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 96 කටත් හා සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 98 කටත් අලෙවි කළ යුතු බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේ.
කෙසේවෙතත් කීරි සම්බා සඳහා පැවති පාලන මිල මේ වනවිට ඉවත් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
