ටීනීයා දිලීරය ආසාදනයෙන් ඇතිවන චර්ම රෝගයක් අනුරාධපුර ප්‍රදේශයෙන්
අනුරාධපුර ප්‍රදේශයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින චර්ම රෝගයක් පිළිබඳ එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත.
මෙම රෝගී තත්ත්වය ටීනීයා නම් දිලීරය ආසාදනයෙන් ඇතිවන චර්ම රෝගයක් වේ.
මෙම රෝගය ආසාදනය වූවන්ගේ සම මතුපිට රතු පැහැ පැල්ලම් හට ගන්නා බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය ප්‍රකාශ කර තිබේ.
වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම රෝගි තත්ත්වය හටගත් පුද්ගලයින් චර්ම රෝග පිළිබඳ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගයෙන් සුවය ලැබිය හැකි බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
