මහා ශිව රාත්‍රී දිනය උත්කර්ෂවත්ව සැමරීමට අගමැතිගෙන් උපදෙස්
මහා ශිව රාත්‍රී දින උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ උපදෙස් ලබාදී ඇති බවයි.
මාර්තු මස 11 වන දිනට යෙදී ඇති මහා ශිව රාත්‍රී දින හින්දු බැතිමතුන් බහුතරයක් වෙසෙන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් විශේෂ හින්දු ආගමික වතාවත් පැවැත්වීමට සැලසුම්කර ඇත.
එම හින්දු ආගමික වතාවත් මනා ලෙස පෙළගැස්වීම උදෙසා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ තෝරාගත් කෝවිල් සඳහා මුල්‍යාධාර සැපයීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.
Please follow and like us: