විදේශීය

මියන්මාර් උද්ඝෝෂකයින්ට වෙඩි ප්‍රහාර – 38 ක් මරුට

මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහිව උද්ඝෝෂණ දැඩි වෙමින් පවතී.

ඊයේ (03) එම උද්ඝෝෂකයින්ට එරට ආරක්ෂක හමුදාව වෙඩි තබා ඇති අතර ඉන් උද්ඝෝෂකයින් 38 දෙනෙක් මියගොස් තිබේ.

හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව එරට සිදුවූ දරුණුතම සිදුවීම එය බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ.

මියන්මාරයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා වන ක්‍රිස්ටීන් ශ්‍රානර් බර්ජෙනර් සඳහන් කළේ ඉතා දරුණු වීඩියෝ එරටින් හමුවෙමින් ඇති බවයි. 

ආරක්ෂක හමුදාව රබර් සහ ජීව උණ්ඩ යොදාගෙන උද්ඝෝෂකයින්ට වෙඩි තැබූ බව ජනතාව පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *