දේශීය

විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා අතිරේක විදුලිය මිලදී ගැනීමට විදුලි බල අමාත්‍යාංශය තීරණය කරයි

විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා අතිරේක විදුලිය මිලදී ගැනීම සඳහා විදුලි බල අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු කර ඇති බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙගා වොට් 128 ක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ජයවර්ධන මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජනක රත්නායක මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් සිදු කර ඇති අතර ඔහු පැවසුවේ, මෙවැනි යෝජනාවක් කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත්ව ඇති බවයි.

එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මාර්තු හා අප්‍රේල් මාසවල පවතින වියලි කාලගුණය සැලකිල්ලට ගෙන අදාළ යෝජනාව සාකච්ඡාවට ලක්කිරීමට ඉදිරි සතියේදී කොමිෂන් සභාව රැස්වන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *