දේශීය

21 ප්‍රහාරයේ කැබිනට් අනුකමිටු වාර්තාව ජනපතිට

අප්‍රේල් 21 ප්‍රහාරය සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනයට පත්කළ කැබිනට් අනුකමිටු වාර්තාව ලබන 15 වැනි දා ජනාධිපතිතුමාට භාරදීමට සැලසුම් කර තිබේ.

කමිටුව තෙවැනි දිනටත් ඊයේ (03) රැස්වූ බවයි එම කමිටුවේ ලේකම් නීතිඥ හරිගුප්තා සේනාධීර මහතා සඳහන් කළේ.

ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න එහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

කමිටුවේ සභාපති අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේදී රැස්වූ මෙම කමිටු රැස්වීමට උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි විය.

ජනාධිපතුමා පත් කළ මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *