දේශීය

අල්ලස් ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

රුපියල් 20,000 ක අල්ලසක් ගත් මහරගම පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මහරගම පොලිස් භාරයේ පවතින කැනේඩියානු ජාතිකයෙකු සතු කැබ් රථයක් නිදහස් කරදීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි එහි විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණි වීරසූරිය මහත්මිය සඳහන් කළේ.

එම අල්ලස් මහරගම නගරයේදී ලබා ගන්නා අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (04) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *