විදේශීය

ටජ්මහලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ඇමතුමක්

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, අග්‍රා නගරයේහී පිහිටි තාජ් මහල් සංකීර්ණය තුළ බෝම්බ සවිකර ඇති බවට ලද දුරකථන ඇමතුමක් හේතුවෙන් එම සංකීර්ණය තාවකාලිකව වසා දැමීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

උත්තර් ප්‍රදේශයේ පොලීසියට අදාළ ඇමතුම ලැබී ඇති බව වාර්තා වේ.

එම ඇමතුම ලැබීමත් සමග තාජ් මහල් නැරඹීමට පැමිණි සංචාරකයින් ඉවත් කිරීමට හා  එහි මේ වන විට සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරීමට එරට උසස් ආරක්ෂක අංශ නිලධාරින් කටයුතු කර ඇත.

මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *