දේශීය

නාරම්මල ප්‍රදේශයේ දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

නාරම්මල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.

පහමුණේ කුරිකොටුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි  වියේ පසූ වූ පුද්ගලයෙක් මෙලෙස මරණයටපත්ව ඇත.

සිද්ධිය සම්බන්ධ අදාළ සැකකරු මෝටර් රථයකින් පැමිණ ඇති අතර,යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මිය ගිය පුද්ගලයා අනතුරකට ලක්කර ඉන් පසුව ඔහුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව  පොලිසිය විසින් සඳහන් කර ඇත.

කෙසේවෙතත් මෙම සිද්ධයෙන් අනතුරුව අදාළ සැකකරු පොලිසියට භාර වී ඇත.

තම බිරිඳගේ අසභ්‍ය ඡායාරූප ජංගම දුරකතනයට යොමු කරමින් කිහිප විටකදී තමන්ට අපහස කර ඇති බව සැකකරු පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *