රාමනාදපුරම් ප්රදේශයේ දී දරුවන් තිදෙනා සමග මවක් ළිඳකට පනී
ධර්මපුරම් පොලිස් වසමේ රාමනාදපුරම් ප්රදේශයේදී ඊයේ (03) සවස මවක් තම දරුවන් තිදෙනා සමග ළිඳකට පැන ඇති බව පොලීසිය සඳහන් කර ඇත.
දරුවන් තිදෙනා මියගොස් ඇති අතර ළිඳට පැන්න මව ළිඳ තුළ පැවති කිසියම් ආධාරකයක එල්ලි දිවි බේරාගෙන තිබේ. මේ වන විට මව කිලිනොච්චි රෝහලේ ප්රතිකාර සඳහා ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.
දරුවන්ගේ සිරුරු යුධ හමුදා නිළධාරීන්, නාවික හමුදා නිළධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව සොයාගෙන තිබුණි.
දරුවන්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කිලිනොච්චිය රෝහලට යොමුකොට තිබේ.
පවුල් ආරවුලක් හේතුවෙන් මෙය සිදුවී ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
