දේශීය

වී මිලදි ගැනීමේ ජාතික ක්‍රියාන්විතය ලබන සතියේ සිට – කෘෂිකර්ම අමාත්‍යංශය

ගොවි බිම් වෙත ගොස් වී මිලදි ගැනීමේ ජාතික ක්‍රියාන්විතය මාර්තු මස 8 වනදා සිට අප්‍රේල් 07 වනදා දක්වා සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ රජයට  වී සංචිතයක් පවත්වා ගෙනයාම සහ  තරඟකාරි මිලට වී මිලදී ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව 2021 මාර්තු 08 වනදා සිට 2021 අප්‍රේල් 7 වනදා දක්වා කාලය තුළ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2 ක් ගොවිබිම් වෙත ගොස් මිලදී ගන්නා ලෙස කෘෂීකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අනුරාධපුරය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 6 සඳහා එම වැඩසටහන යටතේ ප්‍රමුඛත්වය ලබා දී ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *