දේශීය

කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය අනිද්දා දිවයිනට

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලබා දීමට නියමිත ඇස්ට්‍රො සෙනෙකා එන්නත් තොගයේ පළමු කොටස අනිද්දා මෙරටට ලැබීමට නියමිතව තිබේ.

ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 1.44 න් මාත්‍රා දෙලක්ෂ හැට හතර දහසක් මෙරටට ලැබීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

කොවැක්ස් යටතේ සැපයෙන පළමු මාත්‍රා තොගය කොවිඩ් 19 වසංගතයෙන් වඩාත් අවදානම් ප්‍රදේශවල අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට ලබන සතියේ සිට එන්නත් කිරිමට සැලසුම් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සෙසු තොගය ලබන මැයි මස අවසානය දක්වා අදියර කිහිපයක් යටතේ මෙරටට ලැබීමට නියමිතව ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *