ජනවාරි සිට මේ දක්වා විදෙස් සංචාරකයින් 3,400 ක් දිවයිනට – සංචාරක අමාත්‍යාංශය
පසුගිය ජනවාරි 21 වැනිදා සිට මේ දක්වා විදේශීය සංචාරකයින් 3,400 ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
ඉදිරියේදී මෙරටට සංචාරකයින් පැමිණීමේදී අනුගමනය කරන සෞඛ්‍ය රෙගුලාසි තවදුරටත් ලිහිල් කරමින් සංචාරකයින් ගෙන්වා ගැනීම තවත් ප්‍රවර්ධනය කරන බවයි සංවාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ.
ඒ අනුව මැයි මාසයෙන් පසු දෛනිකව සංචාරකයින් 30,000 ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
