දේශීය

නීති විරෝධි ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් රේගු භාරයට

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ එක්ලක්ෂ 50 දහසකට අධික දුම්වැටි අඩංගු බහාලුම් ග්‍රෑන්ඩ්පාස් රේගු අංගනයේ තිබී අද (05) සොයා ගෙන තිබේ.

රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ බහාලුම් රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය ඉදිරියේ විවෘත කෙරුණු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 90 ක් පමණ වන බවයි.

අදාළ දුම්වැටි තොගය චීනයේ නිෂ්පාදිත ඒවා බවට හඳුනාගෙන ඇති අතර යකඩ බට තුළ සැඟ වූ දුම්වැටි කාට්න් 8,000 ක් පමණ මෙහි අඩංගු බව සඳහන් වේ.

අදාළ භාණ්ඩ මෙරටට ගෙන් වූ පුද්ගලයා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *