දේශීය

බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට විශේෂ කණ්ඩායම් – බන්ධනාගාර දෙපාර්තමේන්තුව

බන්ධනාගාර තුළ සිදුවන විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා රැඳවියන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායම් යෙදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙම කටයුත්ත සඳහා රැඳවියන් තෝරගෙන ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ප්‍රකාශ කළේ ය.

එසේම මෙම වැඩ පිළිවෙල මගින් බන්ධනාගාර තුළ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගැනීමට ද හැකියාව ලැබෙන බව ඔහු වැඩිදුරට් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *