දේශීය

මෙරට පළමු ස්වභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් අද ඇරඹේ

මෙරට පළමු ද්‍රව ස්වභාවික වායු බලාගාරයේ (LNG ) ඉදිකිරීම් අද (05) කෙරවලපිටිය ප්‍රදේශයේදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

මෙම සංයුක්ත චක්‍ර විදුලි බලාගාරය මෙගාවොට් 350 ධාරිතාවයකින් යුක්ත වන අතර මෙම ස්වභාවික ද්‍රව වායු බලාගාරයේ  ඉදිකිරිම් කටයුතු ඉදිරි වසර 03 ඇතුළත අවසන් කිරීමට නියමිත වේ.

එහිදී වාෂ්ප බලයෙන් හා ජනනයවන ශක්තිය හරහා ටර්බයින දෙකක් ක්‍රියාත්මක කරවීම සිදුවේ. 

පළමු අදියර යටතේ ගෑස් ටර්බයිනය හරහා මෙගාවොට් 220 ක විදුලි බලයක් ජනනය කෙරෙන අතර දෙවන අදියරේදී වාෂ්ප ටර්බයිනයක් හරහා තවත් මෙගාවොට් 130 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිත බව සඳහන් වේ.

අවම පරිසර හානියකින් යුතුව මෙම නව බලාගාරය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැලසුම් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *