දේශීය

රාවණා ඇල්ල රක්ෂිතයේ හටගත් ගින්න පාලනයට ගුවන් හමුදාවේ සහය

බදුල්ල, රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ (05) රාත්‍රීයේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ගුවන් හමුදා සහාය ද ලබාගෙන තිබේ.

බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේය.

ගින්න මැඩපැවැත්වීම සඳහා ආපදා කළමනාකරණ ඒකක, වනජීවි නිලධාරීන්, යුධ හමුදාව, පොලීසිය ඇතුළු පාර්ශ්වයන් එක්ව කටයුතු කරමින් සිටී.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානී වී.එම්.එල් උදයකුමාර මහතා මේ පිළිබඳ සඳහන් කළේ, පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ බොහෝ ප්‍රදේශවල ගිනි තැබීම් වාර්තා වනඅතර එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාවගෙන් සහයෝගය අත්‍යවශ්‍ය බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *