වැල්ලවත්තේදී සිදු වූ අනතුරකින් අයෙකු මරුට
වැල්ලවත්ත, මෙරීන් ඩ්‍රයිව්, රාජසිංහ මාවත අසළදී අද (06) අලුයම 5.45ට පමණ මෝටර් රථයකින් පුද්ගලයින් සිව් දෙනෙකු යට කරගෙන ගොස් ඇත.
මෙම මොටර් රථයේ ගමන්ගත් පිරිස පළමුව යතුරුපැදිකරුවෙකු යට කරගෙන ඉදිරියට ගමන් කර ඇති අතර ඒ අවස්ථාවේ තවත් තිදෙනෙකු යට කරගෙන ගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
අනතුරට පත් පුද්ගලයින් රෝහල්ගත කර ඇති අතර ඉන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පොලීසිය සඳහන් කර ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ මෝටර් රථයේ සිටි පිරිස කොළඹ පිහිටි සමාජ ශාලාවකින් මත්පැන් පානය කර යළි පැමිණෙන අවස්ථාවෙ දී බව පොලීසිය පවසා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධව මෝටර් රථයේ සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හා ඔවුන් දෙදෙනාම බීමත්ව සිටි බවයි.
කෙසේවතත් මේ වන විට සිද්ධියෙන් මියගිය පුද්ගලයා දේහය කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
