පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලන කළු ඉරිදාව අදයි
අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු නොවූ බව පවසමින් කතෝලික සභාව අද (07) දිනය කළු ඉරිදාවක් ලෙස නම් කර තිබේ.
දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවල අද පැවැත්වෙන දේව මෙහෙයන් සදහා කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කිතුණු ජනතාව දැනුවත් කර ඇති බවයි කතෝලික අගරදගුරු පදවිය සඳහන් කළේ.
මීට අමතරව අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා සිදු කරන විශේෂ දේව මෙහෙයක් දේවස්ථානවල පැවැත්වීමට නියමිත ය.
අද පෙරවරු 8.45 ට දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම සීනු නාද කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව ද කතෝලික අගරදගුරු පදවිය වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීම වහාම කළ යුතු බව කතෝලික රදගුරු මණ්ඩලය පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
