උතුරේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 35 ක්
උතුරු පළාතේ විහාරස්ථාන සංවර්ධනයට රජය රුපියල් මිලියන 35 ක් වෙන් කර තිබේ.
මෙවර වෙසක් උත්සවයට සමගාමිව එම සංවර්ධන කටයුතු සිදු කරන බවයි බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සඳහන් කළේ.
මේ යටතේ විහාරස්ථාන 35 ක සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිත ය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන යාපනය, නාගදීප රජ මහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් පමණක් අග්‍රාමත්‍යවරයාගේ උපදෙස් මත මිලියන 10 ක් වෙන්කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.
මීට අමතරව උතුරේ දහම් පාසල් සංවර්ධනය සඳහා ලක්ෂ 220 ක් වැය කරන බවයි මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
