කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12කට රතු නිවේදනයක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (07) සවස් කාලයෙන් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කරයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
