දේශීය

කොවැක්ස් පහසුකම යටතේ පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලබා දෙන පළමු කොරෝනා එන්නත් තොගය රැගත් ගුවන් යානය අද (07) අලුයම දිවයිනට පැමිණ තිබේ.

එන්නත් මාත්‍රා 264,000 ක් කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබී ඇති බවයි කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුද්ර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ.

මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල එන්නත් කිරීම් අවසන් වූ පසු මහනුවර දිස්ත්‍රික්කයේ අවදානම් ජනතාවට කොරෝනා එන්නත් කිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩි දුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *