ගිනි අවි 2 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
රත්ගම මොන්රෝවියාවත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක් සහ කඩු 02 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ අක්මීමන විශේෂ කාර්යය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු 32 හැවිරිදි රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
සැකකරු අද (07) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
